ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අග දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකමේ 6 වැනි ණය වාරිකයට පෙර කෙරෙන සමාලෝචන සාකච්ඡා සඳහා ඔවුන් එලෙස පැමිණෙන බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
මෙරට ආර්ථික කාර්ය සාධනය සඳහා IMF කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදි පුළුල් ලෙස සමාලෝචනය කරනු ඇති.
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය වාරික 05ක් ලබා දී තිබෙනවා.
සමාලෝචනයෙන් අනතුරුව හයවැනි ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකගතාවලට එළඹිමට නියමිත බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

