රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, මේ සඳහා කැඳවන ලද අයැදුම්පත් අතරින් තෝරාගන්නා ලද නිලධාරීන් 150 කගෙන් යුත් සංචිතයක් පළමුව පිහිටුවන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
අනතුරුව නිලධාරීන් 50 බැගින් වූ කණ්ඩායම් තුනක් ලෙස ඔවුන් දින 14 බැගින් වූ පුහුණු වැඩසටහනක් සඳහා යොමු කිරීමට නියමිතයි.
සේවා ස්ථාන සඳහා මනා පුහුණුවකින් යුත් විමර්ශන නිලධාරීන් පිරිසක් ඇති කිරීමත්, බාහිර ආයතනවලින් අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට යොමු කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමත් එහි අරමුණ වී තිබෙනවා.

