ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව එහි නව මිල රු. 4,630ක් වේ.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 1,862කි.