යුද්ධය අවසන් කිරීමට ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්

ඊශ්‍රායලය සහ ඇමරිකාව සමග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) විසින් ප්‍රධාන කොන්දේසි 3ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත්තේ, 

ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව.

සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම.

අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම.

සාමය ස්ථාපිත කිරීම සඳහා මෙම කරුණු කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු බවයි ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.