රට තුළ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා අද (10) පැහැදිලි කිරීමක් සිදු කළා.
එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස්,
“අපි සාමාන්‍යයෙන් මිල වැඩි කරන්නේ පසුගිය මාසයේ තියෙන තෙල් මිල ගැලපුම් කරලා. නමුත් අපි සතුව ස්ථිර වශයෙන් දින 30කට ඉන්ධන තොග තිබුණත් ලබන මාසය සඳහා එන නැව්වල ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා.”
“එතකොට අපි බලාපොරොත්තු වුණා අපි සතුව දැනට තිබෙන ඉන්ධන තොග ප්‍රවේසම් කරමින් මිල සාමාන්‍යකරණයක් කරන්න.”
“ඒ අනුව එකවර ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා සහ තිබෙන තොග ප්‍රවේසමෙන් මාස අතර බෙදලා පරිහරණය කිරීම සඳහා අපි මිල සාමාන්‍යකරණය කළා.”
“ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාරම්කාර තත්ත්වයන් පාලනය කිරීම, පෝලිම් නිර්මාණය නොවී ජනතාවට එකම මිලකට දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”
“ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුණොත් ඊළඟ දින කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් වෙනවා.”

