20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය අද රාත්‍රී 7.00ට ඉන්දියාවේ අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය සඳහා ඉන්දියාව සහ නව නවසීලන්තය සුදුසුකම් ලබා ඇත.

ඉන්දියාව මෙවර තරඟ වදින්නේ ඔවුන්ගේ තුන්වන T20 ලෝක කුසලානය දිනාගැනීමේ අරමුණින්.

එසේම නවසීලන්තය බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ඉතිහාසයේ පළමු T20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නයි.

මීට අමතරව තරඟයට පෙර සවස 5:30 ට පමණ විශේෂ සමාප්ති උළෙලක්ද (closing ceremony) පැවැත්වීමට නියමිතයි.