නව විදුලි ආයතන තුනකට විධායක නිලධාරින් පත්කරයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙනුවට පිහිටුවන ලද ආයතන 6 න් 3 ක් සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර තිබෙනවා.

ඒ අනුව, Electricity Distribution Lanka Pvt Ltd හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර පත් කර තිබෙනවා.

Electricity Generation Lanka Pvt Ltd හි ප්‍රධාන විධායක වශයෙන් ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්න පත් කර ඇත.

එසේම National Transmission System Services Pvt Ltd හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ පත් කර ඇති බව සඳහන්.