උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ සබරගමුව පළාතේත්, කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව, හම්බන්තොට, සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලත් උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුුතු” මට්ටමක පැවතිය හැකි බවයි.



