2026 වසරේ පෙබරවාරි මාසයේදී ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව පසු කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
2026 පෙබරවාරි මාසය වන විට රටේ නිල සංචිත වත්කම් ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.284 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙලෙස නිල සංචිත වත්කම ඩොලර් 07 සීමාව පසු කර ඇත්තේ 2020 අගෝස්තු මාසයෙන් පසු ප්රථම වරට වීම විශේෂත්වයක්.
2026 ජනවාරි මාසයේදී මෙම අගය පැවතියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.832 ක් වශයෙන්.
ඒ අනුව ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී නිල සංචිත වත්කම් ප්රමාණය 6.6% කින් වර්ධනය වී තිබෙනවා.

