මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් ලෙස පවතින අතර, කිලෝග්රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 ක් ලෙසම පවතී.
එසේම කිලෝග්රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් වනවා.
මේ අතර මාර්තු මාසය සඳහා ගෑස් මෙට්රික් ටොන් 38000 ක් ඇණවුම් කර ඇතැයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

