වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක්

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයක් හමුවන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.