කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත් උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම මංගල්‍ය ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන්ගේ එකමුතුවෙන් සිදු කෙරෙන එකක් වීම විශේෂත්වයක්.

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා සාමාන්‍යයෙන් ඉන්දීය බැතිමතුන් 3,500කට වැඩි පිරිසක් කච්චතිව් දූපතට පැමිණෙයි.

මෙම කොඩි එසවීමේ අවස්ථාවට නෙදුන්තීවු මීසම් භාර පියතුමා වන පත්තිනාදන් පියතුමා සහභාගී වූ අතර එතුමන් විසින් මංගල්‍යයේ ධජය ඔසවා උත්සව කටයුතු ආරම්භ කරන ලදි.

කොඩි එසවීමෙන් අනතුරුව යාපනය රදගුරු ජෙබරත්නම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මීසම් භාර පියවරුන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ දේව මෙහෙයන් සිදුකෙරේ.

යාපනයට කිලෝමීටර 64ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන්න්නක් වනවා.