පෙබරවාරි උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

2026 ජනවාරි මාසයේදී සමස්ත උද්ධමන අනුපාතය 2.3% ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර ආහාර කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ පැවති 3.3% ක අගයේ සිට 0.2% දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

කෙසේවෙතත් ආහාර නොවන උද්ධමනය ජනවාරි මාසයේ පැවති 1.8% ක අගයේ සිට 2.3% දක්වා සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.