Rashmika Mandanna සහ Vijay Deverakonda ගේ විවාහය නිල වශයෙන් තහවුරු වෙයි

Rashmika Mandanna සහ Vijay Deverakonda විසින් එයාලගේ නිල Instagram පිටුවේ එයාලගේ විවාහය ගැන නිල වශයෙන් සඳහන් කරලා තියෙනවා.

වසර අටක පමණ කාලයක් රහසක්ව ඔවුන්ගේ සම්බන්ධතාවය පැවති බවයි රසිකයන් කියන්නේ.

ඉතින් රසිකයන් විසින් ඔවුන්ට ලබා දුන් “VIROSH” (Vijay + Rashmika) යන නමම එයාලා තමන්ගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා.

ඔවුන්ගේ විවාහ මංගල්‍යය පෙබරවාරි 26 වෙනිදා උදයපූර් හි පිහිටි හෝටලයක පවත්වන බවයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් මේක ඉතා පෞද්ගලික උත්සවයක් වෙයි කියන්නේ.