වසර 08කට පසු Meghan Markle නැවතත් රංගනයට

බ්‍රිතාන්‍යයේ Harry කුමරුගේ බිරිඳ Meghan Markle වසර 08කට පසු යළිත් සිය රංගන දිවියට එකතු වීමට සැලසුම් කර තිබෙනවා.

Amazon MGM Studios මගින් නිෂ්පාදනය කරන “Close Personal Friends” නැමැති හාස්‍යජනක චිත්‍රපටය හරහා ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන බවයි වාර්තා වෙන්නේ.

Brie Larson, Lily Collins, Henry Golding වැනි ප්‍රසිද්ධ නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පෙවීම විශේෂත්වයක්.

වාර්තා වන අන්දමට ඇය මෙහි රඟපාන්නේ ඇයගේම සැබෑ ජීවිතයට සමානකම් දක්වන (Meta-version) චරිතයක් වීම විශේෂත්වයක්.