මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුතු බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ.
භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇත.
කෙසේවෙතත් කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානි වීමක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැත.
එසේම මෙය සුනාමි තර්ජනයක් නොමැති බවයි සඳහන් වෙන්නේ.

