බහුදින ධිවර යාත්‍රා වල ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව සඳහා අවවාදාත්මක නිවේදනයක්

බහුදින ධිවර යාත්‍රා වල ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැක.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

එම නිවේදනය පහතින්,