දුම්රිය වර්ජනය තාවකාලිකව නවතියි

දුම්රිය රියදුරන් විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බවය.