අස්වැසුම නිර්නායක සංශෝධනයට විද්වත් කමිටුවක්

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරා ගන්නා නිර්නායක සංශෝධනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

එමගින් දැනට පවතින තෝරා ගැනීමේ නිර්ණායකවල අඩුපාඩු නිවැරදි කර යළි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ.

ඉන් අනතුරුව යළිත් වරක් ප්‍රතිලාභීන් එම නිර්ණායක මත පදනම්ව තෝරා ගැනීමට නියමිතයි.