රුපියලේ සුළු පහළ යෑමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (පෙබරවාරි 09) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ මිල රු. 305.65 සිට රු. 305.72 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 313.19 සිට රු. 313.26 දක්වා ඉහළ ගොස් තිබේ.