කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 47.70 කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ එය ඒකක 23,754.26ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.3කි.