දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අදත් අවස්තාව

ඉන්දියාවේ ගුජරාට්හි, දෙව්නිමෝරි පුරාවිද්‍යාත්මක භූමියෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අදත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙනවා.

ලබන 11 වැනිදා උදෑසන 7.00 දක්වා සැදැහැවතුන්ට ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දුලභ භාග්‍යය හිමි වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවයි සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබුවේ.

එම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.