2026 ICC 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (08) පැවැති ශ්‍රී ලංකා – අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අයර්ලන්තය ලකුණු 20කින් පරාජයට පත් කරමිනුයි.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.
ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් රැස් කළා.
ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 19.5 අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 143ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ කඩුළු 03 බැගින්ද, මතීෂ පතිරණ කඩුළු 02ක්ද, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.


