චොක්ලට් වලට ආස කොයි කව්රු වුණත් කන්න ආසම දෙයක් තමයි Nutella කියන්නේ, ඉතින් ඒ රසම රස කෑමට වෙනුවෙන් තමයි අද දවස වෙන් කරලා තියෙන්නේ.
ඔව් ඔව්, අද “ලෝක Nutella දිනය” (World Nutella Day).
චොකලට් සහ හෙසල්නට් (Hazelnut) වල අපූරු සංකලනයක් වන Nutella, කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාම එක ලෙස ආදරය කරන කෑමක් බවට පත්වෙලා ඉවරයි.
2007 වර්ෂයේදී Sara Rosso නම් ඇමරිකානු blogger කෙනෙක් විසින් තමයි මේ Nutella Day එක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් එයා වගේම ලෝකේ වටේම ඉන්න Nutella fans ලට එයාගේ recipe, ෆොටෝ share කරලා #worldNutellaDay කියන hashtag එක use කරලා post කරන්න එයා ආරාධනා කළා. ඉතින් ඒ විදිහට තමයි මේ Nutella Day කියන එක ආරම්භ වුණේ.
පසුව 2015 වසරේදී Nutella නිෂ්පාදනය කරන ඉතාලියේ Ferrero සමාගම විසින් මෙම දිනය නිල වශයෙන් තමන්ගේ භාරයට ගනු ලැබුවා. එදා ඉඳන් අද වෙනකම් හැම අවුරුද්දකම පෙබරවාරි 5 වෙනිදා ලෝකයේම ඉන්න Nutella ලෝලීන් මේ දවස සමරනවා.
Nutella හි නිර්මාතෘවරයා වන්නේ ඉතාලි ජාතික Pietro Ferrero. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ කොකෝවා හිඟයට පිළියමක් ලෙස තමයි ඔහු හෙසල්නට් භාවිතා කරලා මේ nutella තැවරුම සොයාගත්තේ.
Nutella ගැන පුදුම හිතෙන දෙයක් කියන්න ද? ඒ තමයි වසරක් තුළ විකිණෙන Nutella බෝතල් ප්රමාණය පේළියට තැබුවොත්, එය පෘථිවියේ වට ප්රමාණය මෙන් 1.8 ගුණයක් දිගයි කියලා කියනවා.
ඉතින් එහෙනම් චොක්ලට් පෙරේතයෝ හැමෝටම වැඩි වැඩියෙන් Nutella කන්න හම්බ වෙන සුබ දිනයක් වේවා ! Nutella එක්ක අලුත් රෙසිපි එකක් try කරන්න අමතක කරන්න එපා.


