කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වෙයි

කොත්මලේ ජලාශය ඉදි කිරීමේදී යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඒ දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමගයි.

එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙන බවයි වාර්තා වෙන්නේ.