නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස නවම් පොහෝ දිනය හැඳින්විය හැකි වනවා.
ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වන් නවම් පුන් පොහෝ දිනක ය.
පන්සාලිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිව සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය හළ වදාළේත් නවම් පොහෝ දිනක දී වනවා.

