ගංගාරාම නවම් පෙරහරේ දෙවැනි දිනය අද

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහැර දෙවන දිනටත් අද  (01) වීථි සංචාරය කිරීමට නියමිතයි.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ගංගාරාම දායක සභාවේ සංවිධායකත්වයෙන් මෙම පෙරහැර මංගල්‍ය පැවැත්වෙනවා.

මෙවර පෙරහැර සඳහා ද අලි – ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී කර තිබීම විශේෂත්වයක්.

මේ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර හේතුවෙන් අද (01) දිනයේත් කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ප්‍රදේශය හරහා ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.