රත්රන් අවුන්සයක මිල ඩොලර් 5,500 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොලේ රත්‍රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ අමෙරිකානු ඩොලර් 5,588ක් ලෙසයි.

ඊයේ (28) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 5,164ක් ලෙස දැක්විණි.

අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා අයෝජිකයින් සහ මහ බැංකු රත්‍රන්වල ආයෝජනය කිරීම සහ සංචිත රැස් කිරීම රත්‍රන් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමට හේතුව බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.