දින 25ට සංචාරකයන් ලක්ෂ 02ක්

2026 වසරේ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් වනවා.

මේ අතර මෙම කාලය තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 41,603කි.

එසේම රුසියාවෙන් 22,876 දෙනකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු මෙරටට පැමිණ ඇත.