ඉතිහාසයේ පළමු වරට රත්රන් අවුන්සයක මිල ඩොලර් 5,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.

මේ අතර රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500 සීමාව ද ඉක්මවා යනු ඇති බවත් විශේෂඥයින් මත පළ කරනවා.

මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා. 

එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇත.