ඇමරිකානුවන් දහස් ගණනකට විදුලිය අහිමි වෙයි

ඇමරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් එරට ජිවත් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ විදුලි සැපයුම් වලට බාධා එල්ල වී තිබෙනවා.

එසේම ගුවන් ගමන් 10,000 කට වඩා අවලංගු කර ඇති බව FlightAware වාර්තා කර තිබෙනවා.

අධික සීතල හේතුවෙන් ලුසියානා හි දෙදෙනෙක් ජීවිතක්ෂයට ද පත්ව ඇති අතර ටෙක්සාස් හි ද තවත් මරණයක් වාර්තා වී තිබෙනවා.

කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් ඉරිදා පැවසුවේ පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වැඩි අයිස් සහ අඩු හිම ප්‍රමාණයක් දකින බවත්, එය එතරම් සුබදායි නොවන බවත්ය.

මේ අතර නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි X හි සටහනක ලියා ඇත්තේ සෙනසුරාදා නගරයේ අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති නමුත් ඔවුන්ගේ මරණයට හේතුව තවමත් නිශ්චය කර නොමැති බවයි.

මෙම දරුණු හිම කුණාටුව හේතුවෙන් වසර ගණනාවකින් පසු ඇති වූ දරුණුම හිම පතනයට ඇමරිකානුවන්ට මුහුණ දීමට සිදු වන බවයි එරට කාලගුණවිද්‍යා අංශ අවධාරණය කරන්නේ.