වසරේ මේ දක්වා සංචාරකයින් 194,553ක් දිවයිනට

2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 10,483ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම මේ දින 22 තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,177කි.

ඊට අමතරව, රුසියාවෙන් 19,930 දෙනකු, එක්සත් රාජධානියෙන් 19,893 දෙනකු සහ ජර්මනියෙන් 12,822 දෙනකු මෙරටට පැමිණ ඇත.