බටහිර තුර්කියේ බලකේසිර් (Balikesir) පළාතේ අද (24) අලුයම 00:24ට පමණ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.
මෙම කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 11.04ක් ගැඹුරින් ඇතිවී ඇත.
මෙය බුර්සා (Bursa), ඉස්මීර් (Izmir), යලෝවා (Yalova) සහ කුටාහ්යා (Kutahya) යන පළාත්වලට ද තදින් දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.
බලකේසිර් ආණ්ඩුකාර ඉස්මයිල් උස්ටාවොග්ලු ප්‍රකාශ කළේ, භූ කම්පනය හේතුවෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි.

