දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මෙම වර්ජනය දියත් කරන බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ.
මේ අතර අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පලකරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

