පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා.

පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි මස 5වනදා සිට 9වනදා දක්වා දක්වා ක්‍රියාත්මක වුවා .

‘දිට්වා’ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන් ජනවාරි 10වනදා සිට ඊයේ දිනය දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දෙනු ලැබුවා.

ඒ අනුව අදින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13වනදා දක්වා ක්‍රියාත්මකයි.

2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු මස 02 වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීම සිදුවෙයි.

රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14 වනදා සිට මාර්තු මස 22 වන දින දක්වා නිවාඩු ලබා දෙනු ඇත.