දෙසැම්බර් උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඉකුත් නොවැම්බර් මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 2.9%ක් දක්වා වැඩි වී ඇති බවයි.

නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී  4.4% ක් දක්වා වැඩි වී ඇත.

එසේම නොවැම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා වැඩි වී තිබේ.