දකුණු ඊශ්‍රායලයේ භූ කම්පනයක්

දකුණු ඊශ්‍රායලයට අද(15) උදෑසන 09.00ට පමණ රික්ටර් පරිමාණයේ 4.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් හි ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධතිය මළ මුහුදේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූමි කම්පාව මිට්ස්පේ ෂාලෙම්, අයින් බොකෙක් හෝටල් කලාපය, අරඩ්, නියෝට් හකිකාර්, අයින් තමර්, රොටෙම් කාර්මික කලාපය, නෙවේ සෝහාර්, අයින් ගේඩි, මසාඩා සහ දකුණු නෙගෙව්හි ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා.

එසේම දකුණින් අයිලට් දක්වාත්, ජොර්දාන් නිම්නය සහ ජෙරුසලම දක්වාත් මෙහි බලපෑම දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.
,
යුරෝ-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය ඩිමෝනා නගරයේ සිට කිලෝමීටර් 19 ක් (සැතපුම් 12 ක්) දුරින් පිහිටි මළ මුහුදේ රිෆ්ට් නිම්නයේ පිහිටා තිබුණා.

මාගන් ඩේවිඩ් ඇඩම් හදිසි වෛද්‍ය සේවය ප්‍රකාශ කළේ කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත්, “මගේ මුළු කාර්යාලයම සෙලවුණා, අපේ නාගරික හදිසි මධ්‍යස්ථානය කඩා වැටුණා” ඩිමෝනා නගරාධිපති බෙනී බිටන් යනුවෙනුයි පැවසුවේ .