කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද(14) වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,708.7ක් ලෙසින් සටහන් වී තිබෙනවා.
මෙය මීට පෙර ඉහළම අගය වූ 2025 නොවැම්බර් 12 දින වාර්තා වුණු ඒකක 23,659.7 ක වාර්තාව ඉක්මවා යාමක්.
මේ අතර එස් ඇන්ඩ් පී එස්එල් ටුවෙන්ටි දර්ශකයද අද ඒකක 6,541.97 ක අගයක් වාර්තා කළා.
අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රු. බිලියන 9.26ක් ලෙස සටහන් වී තිබෙනවා.

