ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද දින ප.ව. 3.30 ත් 4.30 ත් අතර මුලතිව් ආසන්නයෙන් ඊසානදිග වෙරළ තීරය හරහා ගමන් කර ප.ව. 5.30 වන විට යාපනයට ගිනිකොන දෙසින් කිලෝමීටර 70 පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුනි.
එය ඉදිරි පැය 12 තුළ බටහිර දෙසට ආසන්නව ගමන් කර ක්‍රමයෙන් දුර්වල වී අඩු පීඩන ප්‍රදේශයක් දක්වා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.
ඒඅනුව හෙට සිට මෙම පද්ධතියෙන් දිවයිනේ කාලගුණයට ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වේ යැයි අපේක්ෂා කෙරේ.
උතුරු , උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

