ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (07) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වනවා.

මෙම තරගාවලියට 20යි 20 තරග 3ක් ඇතුළත් වේ.

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, පාකිස්ථාන කණ්ඩායමට සල්මාන් අගා විසින් නායකත්වය දෙනු ලබනවා.

තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.