පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 සිට

පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකෙරෙන බවයි එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග මේ වන විට දිවයිනට ලැබී ඇති බවද, ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරෙන අතර විධිමත් ඉගැන්වීම ලබන 21 වැනිදා ආරම්භ වනවා.