ජනවාරි මාසයට අදාලව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ.
ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.
එසේම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙස ද පවතිනවා.

