මෙක්සිකෝ නගරය සහ නිරිතදිග ගුවෙරේරෝ ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල රික්ටර් මාපක 6.5 ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
භූමිකම්පාවේ කේන්ද්‍රය මෙක්සිකෝ නගරයේ සිට කිලෝමීටර් 230 ක් පමණ දුරින් ගුවෙරේරෝ හි සැන් මාකෝස් සිට කිලෝමීටර් 15 ක් (සැතපුම් 9) පමණ දුරින් පිහිටා ඇති බවයි එරට ජාතික භූ කම්පන විද්‍යා සේවය සඳහන් කළේ.
භූ කම්පනය හේතුවෙන් සිදු වූ හානි කිසිවක් වාර්තා වී නැහැ.

