කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) දින ඒකක 239.77කින් (1.06%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය අද දිනය අවසන් වන විට එය ඒකක 22,864.08කින් අවසන් වී තිබෙනවා.

එසේම එහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.1ක් වනවා.