ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ට අනුව මෙම භූමිකම්පාව කිලෝමීටර් 19.3 (සැතපුම් 11.99) ක් ගැඹුරින් සිදු ව ඇත.
දෙසැම්බර් 8 වන දින ජපානයට බලපෑ රික්ටර් මාපක 7.5 ක බලවත් භූමිකම්පාවකින් සති කිහිපයකට පසුවයි මෙම භූ කම්පනය සිදුව ඇත්තේ.
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නොමැති බව සඳහන්.

