ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතුවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී.සූරියප්පෙරුම මහත්මිය සඳහන් කරනවා.
ඒ අනුව අද (30) දිනයේ හැඳුනුම්පත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි ඇය සඳහන් කළේ.
එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ඊයේ (29) පස්වරු එකේ සිට 4 දක්වා හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වී තිබෙනවා.
මෙලෙස නිකුත් කිරීමට නොහැකිවූ හැඳුනුම්පත් තැපෑල ඔස්සේ අදාළ පුද්ගලයින් වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

