IMF නියෝජිතයන් පිරිසක් ජනවාරියේ ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයන ලද විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වැනි සමාලෝචනය සාකච්ඡා කිරීම සඳහායි.

විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳ පස්වන සමාලෝචනය දැනටමත් අවසන් කර ඇති අතර, අනුමැතිය ලබා දීම සඳහා IMF විධායක මණ්ඩලය මුලින් දෙසැම්බර් 15 වැනි දින රැස්වීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමක් අනුව රැස්වීම කල්දමනු ලැබුවා.