මේ දක්වා පැමිණි සංචාරයකන් ගණන මිලියන 2.2 ඉක්මවයි

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් සංචාරකයින් 154,609 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,337ක් වනවා.

මීට අමතරව රුසියාවෙන් 15,674ක්, එක්සත් රාජධානියෙන් 12,961ක්, ජර්මනියෙන් 10,682ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 8,810ක් පැමිණ තිබෙනවා.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඉන්දියාවෙන් 510,133ක්, එක්සත් රාජධානියෙන් 204,703ක්, රුසියාවෙන් 174,267ක්, ජර්මනියෙන් 141,941ක් සහ චීනයෙන් 129,403ක් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සඳහන්.