මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින ගාසා තිරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සමග එක්ව මෙම යෝජනාව රැගෙන ආ එරට අන්ත දක්ෂිණාංශිකයෙකු වන මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්රිච් පවසන්නේ, මෙම තීරණය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම අවහිර කිරීමක් බවය.
කෙසේ වෙතත් බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ ඊශ්‍රායලයේ නොනවතින ජනාවාස ව්‍යාප්තිය ආතතීන් අවුස්සන බවත්, ස්වෛරී පලස්තීන රාජ්‍යයක ශක්‍යතාවයට තර්ජනයක් වන බවත්ය.
බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස 160ක පමණ පදිංචිකරුවන් 700,000ක් පමණ ජීවත්වනවා.

