දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා වලින් හානි වූ මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අතර මධ්‍යම පළාතේ මාර්ග 09 ක් ඌව පළාතේ එක් මාර්ගයක්, උතුරු පළාතේ මාර්ග 02 ක් සහ වයඹ පළාතේ එක් මාර්ගයක් ඇති බවයි අධ්යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි සඳහන් කළේ.
එසේම ඇතැම් මාර්ග වල පාලම් අලුත්වැඩියා කිරීමට ද තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට බොහෝ මාර්ගවල අඹලන්ව පැවැති පාලම් අලුත්වැඩියා කර රථවාහන ධාවනයට පහසුකම් සලසා තිබේ.

